හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයට එරෙහිව අද (2) දහවල් ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩාකළ සියලුම තරග ඊයේ අවසන් වූ අතර, ඒ හේතුවෙන් ඔවුන් එදිනම තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය.
කෙසේ නමුත් ‘ බී’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ නේපාල කණ්ඩායමට මූලික වටයේ එක් තරගයක් ඉතිරිව තිබුණි.
ඔස්ට්‍රේලියාවට එරෙහිව අද උදෑසන තිබූ එම තරගය ජයගැනීමට නේපාලයට සමත් විය.
ඊයේ ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ‘ඩී’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ අතර, එහිදී ඔවුන් බංග්ලාදේශය හා ඕමානය පරාජය කරමින් අපරාජිතව අර්ධ අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබාගත්තේය.
නේපාලයද අපරාජිත කණ්ඩායමක් වන අතර, ඔවුන් ඔස්ට්‍රේලියාවට අමතරව එම කාණ්ඩයෙන් ක්‍රීඩාකළ එංගලන්තයද පරාජය කිරීමට සමත්ව සිටියි.
අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකා – නේපාල තරගය මෙරට වේලාවෙන් ප.ව. 1.20ට ආරම්භවීමට නියමිතව ඇත.