නිරෝධායන උපදෙස්වලට අනුකූලව ඊයේ (15) පස්වරුවේ අභාවප්‍රාප්ත වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ දේහය කොටිකාවත්ත පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඒ මහතාගේ දේහය ආදාහනය කරන ලදී. කොවිඩ් – 19 ආසාදනයවීම හේතුවෙන් පසුගියදා පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු හිටපු කථානායක වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පසුව ප්‍රතිකාර සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත මාරුකර යවා තිබුණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පෙරේදා (14) පස්වරුවේ ඔහු අභාවප්‍රාප්ත වූ අතර මියයන විට වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා 80 හැවිරිදි වියෙහි පසුවිය.
එක්සත් ජාතික පක්ෂයෙන් 1977 වසරේදී පළමුව පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඒ මහතා දේශීය වෛද්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරය මෙන්ම අධ්‍යාපන, සංස්කෘතික සහ බුද්ධශාසන ඇතුළු කැබිනට් අමාත්‍යධුර කිහිපයක්ම හොබවනු ලැබූ අතර 2004 – 2010 සමයේ ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කටයුතු කළේය. එසේම 2010 – 2015 සමයේ වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කරන ලදී.
ඊයේ (15) දහවල් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානය වෙත පැමිණි ලොකුබණ්ඩාර මහතාගේ පවුලේ සාමාජිකයින් දේහය සම්බන්ධයෙන් ආගමික වතාවත් සිදු කරන ලදී.
කෙසේ වෙතත් කොවිඩ් -19 ආසාදිතව මෙරට මියගිය ඉහළම ප්‍රභූවරයා වන්නේ වී.ජ.මු. ලොකුබණ්ඩාර මහතාය.