Headlines

    ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි

    ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා සඳහන් කළේ, එරට පවතින ගැටුම් සමනය වනතුරු එම රට සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි නොකරන බවයි.

    ලෙබනනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබේ.

    මේ වන විට ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් 7400 ක් පමණ සේවය කරයි.  

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *