රුසියානු අධිකරණයක් ගුගල් සමාගමට එරෙහිව අතිවිශාල දඩයක් නියම කර තිබේ.
ඒ, 2020 වසරේ සිට RT සහ Sputnik ඇතුළු රුසියානු මාධ්‍ය ආයතන 17කට අයත් Youtube වැඩසටහන් ප්‍රචාරය හා ප්රවේශයන් සීමා කිරීම හේතුවෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි අංක දෙක සහ බින්දු 36 කින් යුත් රූබල් අන්ඩෙසිලියන් දෙකක් ලෙස හැඳින්විය හැකි මෙම දඩය .
$20,000,000,000,000,000,000,000,000,000,000,000 Google සමාගමේ වටිනාකමට වඩා වැඩි බවයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් ට්‍රිලියන 110ක් ලෙස ඇස්තමේන්තු කර ඇති ලෝකයේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට වඩා මෙම දඩය විශාලයි.
රුසියානු මාධ්‍ය වාර්තා කළේ, මාස නවයක් ඇතුළත දඩය නොගෙවන්නේ නම් ඉන් පසු සෑම දිනකම දඩය දෙගුණ වන බවයි.
කෙසෙනමුත් ගූගල් සමාගම මේ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් මාධ්‍යට නිකුත් කර නැත.