Headlines

    රට පුනරුදයකට රැගෙන යන ගමන ආරම්භ කර ඇති බව ජනපති කියයි

    කඩා වැටුණු රට යළි පුනරුදය කරා කැඳවන යුගය මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙම ගමන කිසිවෙකුටත් වැළකිය නොහැකි බවය.

    රට ගොඩනැගීම සඳහා වන සැලසුම් රැසක් මේ වන විට සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    “අපේ රට අපි ඩිජිටල්කරණය කරන සැලැස්ම සකස් කර තිබෙනවා. මෙතෙක් ලංකාවට වැඩිම සංචාරකයින් ආපු වසර බවට අපි 2025 වසර පත්කරනවා. අපේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරනවා. ගුණයහපත්කමෙන් පිරිසිදු, විනයෙන් පිරිසිදු, නීතියට අනුගත වෙන රට පුරා අඩුම තරමේ, පිරිසිදු වැසිකිළි පද්ධතියක් නැති රටක් මේක… පිරිසිදු වැසිකිළි පද්ධතියක් තියෙන, විනය තියෙන, අනෙකාට ආචාර සමාචාර කරන හොඳ විදියට තියෙන කැලිකසළ නැති ඉතාමත් පිරිසිදු ශ්‍රී ලංකාවක් මේ කලාපයේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ කාර්ය අපි ඉටුකරනවා. අපි නව විද්‍යා හා පර්යේෂණ කේෂ්ත්‍රයක් විවෘත කරන්න ඕනේ. එතැනින් නතර වෙන්නේ නෑ. වහලා තියෙන කර්මාන්ත ශාලා යළි විවෘත කරන්න, අපේ තියන සම්පත් උපයෝගි කරගෙන නව කර්මාන්ත ශාලා ඉදිකරන සැලසුම් අපි සකස් කරලා තියෙනවා. මේ දියත් වෙමින් තිබෙන්නේ කඩා වැටුණ රට යළි පුනරුදය කරා කැඳවන යුගයයි ජාතික ජන බලවේගය ආරම්භ කරලා තියෙන්නේ. මේ ගමන කාටවත් වට්ටන්න බෑ.”

    තම රජයට තිබු පළමු අභියෝගය වන ආර්ථිකය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සාර්ථකව ජයගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසුවේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *