Headlines

    සුනිල් ජයරත්න ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපති ලෙස පත්කෙරේ

    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කළ සුනිල් ජයරත්න මහතා ව පත්කර තිබේ.

    ඔහු අද (04) කටුනායක පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන ඇත.

    සුනිල් ජයරත්න මහතා වසර 37ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළේය.

    ඔහු වසර තුන හමාරක පමණ කාලයක් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ද සේවය කර ඇත.

    ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ ඔස්ට්‍රේලියාවේ කැන්බරා විශ්වවිද්‍යාලයේ රේගු නීතිය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *