සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම සිට

2024 (2025) අ.පො.ස සා/පෙළ විභාගය සඳහා අයදුම්පත් අද (05) සිට මාර්ගගතව භාරගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, 2024 නොවැම්බර් 30 දක්වා එම අයදුම්පත් භාරගන්නා බවය.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතුය.

පෞද්ගලික අයදුම්කරුවන් අ.පො.ස. (සා.පෙ) විභාගය සඳහා අයදුම්කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයදුම් කළ යුතුය. 

ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයදුම්පත් ඉදිර්පත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව ම නිවැරදිව අයදුම්පත් ඉදිර්පත් කළ යුතු ය. 

අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතුය. 

පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළයුතු පශීලක නාම (user name) හා මුර පද (password) පාසල් ප්‍රධානීන් වෙත ලබා දී ඇත.

2024 නොවැම්බර් මස 30 වන දින මධ්‍යම රාත්‍රී පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැක බවත් කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත දැක්වෙන දුරකථන අංක මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් වීමසීම් කළ හැකි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

දුරකථන අංක : 0112784208 0112784537 / 0112785922
විද්‍යුත් තැපෑල : gceolexamsl@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *