Headlines

    මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක්

    දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

    එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බවය.

    “2024 නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් දිස්ත්‍රික්ක තේරීම්භාර නිලධාරීවරු, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රධානත්වයෙන්, සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්, ඒ වගේම ප්‍රධාන කාර්යාලයේ සිටින කොමසාරිස් ජනරාල් සහ අතිරේක කොමසාරිස්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඉදිරි දින පැවැත්වීමට නියමිත මැතිවරණය අදාළ දින කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරන්න තමයි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අදාළ සියලුම නිලධාරීන් සහභාගී වෙනවා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *