Headlines

    සහල් හිඟයට හේතුව මේකද ?

    බියර් නිෂ්පාදනය සඳහා වැඩි වශයෙන් සහල් ලබාදීම වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණය වීමට සෘජුව බලපා ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

    සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පෙන්වා දෙන්නේ, බියර් නිෂ්පාදනය කරන්න ලබාගන්නා කැකුළු සහල් නිපදවන්නේ නාඩු වී ලබාගැනීමෙන් බවයි.

    තවදුරටත් අදහස් දැක් වූ යූ.කේ. සේමසිංහ මහතා,

    “බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ කැකුළු සහල්. නමුත් බියර් නිෂ්පාදනය කරන්න අවශ්‍ය කැකුළු සහල් ලබාගන්නේ නාඩු වී වලින්. ඒ නිසා බියර් නිෂ්පාදනයට වැඩි ප්‍රතිශතයක් යොමු කළාම නාඩු සහල් නිපදවීම සඳහා අවශ්‍යකරන වී හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා.”

    ගොවි සංවිධාන ද රජයෙන් ඉල්ලා සිටින්නේ සහල් මිල පාලනයට කඩිනමින් මැදිහත් වන ලෙසටය.

    තමන්ට මේ දක්වා පාලන මිලට සහල් නොලැබෙන බව වෙළඳසැල්හිමියන් ද චෝදනා කරයි.

    ඉකුත් සති කිහිපයේ මෙරට වෙළෙඳපෙළේ සහල් මිල ගණන් ඉහළ ගිය අතර සහල් හිඟයක්ද නිර්මාණය විය.

    මතුවූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපතිවරයා මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී තීරණය කෙරුණේ සිල්ලර වෙළෙඳපොළේ පැවති සහල් පාලන මිල එලෙසම පවත්වාගෙන යාමටය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *