Headlines

    10 වන පාර්ලිමේන්තුවට සභිකයන් තෝරා පත් කර ගැනීම අද

    10 වන පාර්ලිමේන්තුව සදහා සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේ කටයුතු (අද) පෙරවරු 7.00ට ආරම්භ වුණි

    මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව අද උදෑසන 7 සිට පස්වරු 04 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්ද විමසීම පවත්වන බවය. 

    ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ලියාපදිංචි වී තිබේ.

    මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ 81,129 දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහහත් ලක්ෂ 65,351 දෙනෙකි.

    අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ 6081ක් ද වේ.

    මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

    මැතිවරණ කොමිසම පැවසුවේ ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *