Headlines

    ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

    2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අද (14)අවසන්වීමත් සමග ඒ ඒ ගණන්කිරීමේ මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි ළඟා වූ පසු ප.ව. 7.15න් පසුව ප්‍රධාන ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසා සිටියේ, තේරිම්භාර නිලධාරීන්ගෙන් ඡන්ද ප්‍රතිඵල ලද විගස මැතිවරණ මහලේකම් කාර්යාලයේදී එම ප්‍රතිඵල නැවත පරීක්ෂා කර මාධ්‍යයට නිකුත් කරන බවයි.

    විශේෂයෙන් මෙම ප්‍රතිඵල අවස්ථා තුනකදී ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.

    පළමුව ප්‍රදේශ ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරේ.

    ඉන් අනතුරුව දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත්කරන අතර, ඒ සමග එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා මන්ත්‍රිධුර සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට කටයුතු යොදා ඇත.

    ආසන්න මට්ටමින් ප්‍රතිඵල නිකුත්කිරීමත් සමගම සෑම ගණන්කිරීමේ මධ්‍යස්ථානයකම මනාප ගණන්කිරීම ආරම්භ කෙරේ.

    කෙසේ නමුත් මනාප ගණන්කරන අවස්ථාවේදී මනාප ගණන්කරනු ලබන්නේ ආසන ලබාගත් නැතහොත් මත්ත්‍රීවරු තේරීපත්වීමට සුදුසුකම් ලබන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    එනිසා මන්ත්‍රීවරු තේරීපත්වීමට සුදුසුමක් නොලබන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් එම ශාලා පරිශ්‍රයෙන් ඉවත් කරනු ලබයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *