Headlines

    පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි – ජනපති

    මහ මැතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඡන්ද දායකයින් වෙත සිය ප්‍රණාමය පුදකර තිබේ.

    සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙලෙස ඡන්ද දාකයින් වෙත සිය ස්තූතිය පළකර තිබේ.

    එහි ඔහු සඳහන් කර ඇත්තේ ‘ පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!’ යනුවෙනි.

    ඊයේ (15) පැවති 2024 මහ මැතිවරණයෙන් ආසන 159ක් දිනාගනිමින් ජාතික ජන බලවේගය ඉතිහාසගත ජයක් ලැබීය.
     

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *