Headlines

    පශ්චාත් මැතිවරණ සමය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

    මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි.

    ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ රට පුරා පොලීසිය සීරුවෙන් තබා ඇති බවය.

    “දැන් ආරම්භ වෙන්නේ පශ්චාත් මැතිවරණ කාලසීමාව. සතියක කාලයක් තුළ කිසිදු ආකාරයක පොදු ස්ථානවල රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම ආදිය සිදුකරන්න බැහැ. ඒ නිසා මේ කාලසීමාව තුළ සම්පූර්ණයෙන්ම පොලීසිය සීරුවෙන් තබා තිබෙනවා. තවදුරටත් දිවයින පුරාම ජංගම සංචාරවල යෙදීමෙන් අවශ්‍ය ආරක්ෂාව ලබාදෙමින් කටයුතු කරනවා. බුද්ධි නිලධාරීන් රාජකාරී කටයුතුවල යෙදී සිටිනවා. විශේෂයෙන් හඳුනාගත් පොලිස් වසම් තුළ විශේෂ ආරක්ෂාවක් සපයනවා.”

    පූර්ව මැතිවරණ කාලසීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 581ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    “කිසිම ප්‍රදේශයකින් ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ නැහැ. මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් 581 අතර අපේක්ෂකයන් 18 දෙනෙක් සිටිනවා. අනෙක් පිරිස ආධාරකරුවන්.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *