මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-17) – ඊයේ ආසාදිතයින් 756 යි මරණ 06 යි

අද දින (17) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 756 දෙනෙකු හදුනාගෙන ඇති අතර එම සියළුදෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (16) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 172 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 168 ක් ද රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 73 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 343 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 06 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, විලඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, පිලියන්දල ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නයිනමඩම ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (16) දිනය තුළ මෙරටදී සිදුකර ඇති PCR පරීක්‍ෂණ 11,721 කි.

කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 76,428
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 70,429
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,614
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 409

https://www.hpb.health.gov.lk/si (Accessed feb-17-2021 9.30 a.m IST)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *