විදෙස් නිරීක්ෂකයන්ගේ අවසන් වාර්තාව කොමිසමට භාර දෙයි

මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔවුන් අදාළ වාර්තාව මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව සඳහන් වේ.

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබුණි.

ඒ අනුව ඔවුන් මැතිවරණ පුර්ව සමය, මැතිවරණ දිනය සහ පශ්චාත් මැතිවරණ කාල සීමාවේ සිය නිරීක්ෂනයන් සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *