එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලනික ගමන් මග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (16) පෙරවරුවේ පවත්වා තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී ඇති බව සදහන් වේ.
මෙහිදී ඉදිරි මැතිවරණ වල දී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග වැදීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසුවේ මීලඟ සියලු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට සාකච්ඡා කළ බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරත්වය සහ පක්ෂයේ ගමන්මග ශක්තිමත් කිරීම සඳහා මෙම තීරණය ගත් බවද ඔහු පැවසීය.