Headlines

    අද සහ හෙට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් 

    මහමැතිවරණය සහ දීර්ඝ සතිඅන්ත නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන මගී ජනතාව සදහා විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද සහ හෙට දිනවල දී සාමාන්‍ය දුම්රිය ධාවන වාරයන්ට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය සදහා යොදවා ඇති බවය. 

    ඒ අනුව විශේෂ දුම්රිය වාර 7ක් සැලසුම් කර තිබේ.

    කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව දක්වාත්, මහනුවර සිට කොළඹ කොටුව දක්වාත්, බෙලිඅත්ත සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක වේ.

    එමෙන්ම කොළඹ කොටුව සිට හික්කඩුව දක්වාත්, මාතර සිට කොළඹ කොටුව දක්වාත්, ගාල්ල සිට කොළඹ කොටුව දක්වාත් මෙලෙස විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *