පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශයේ ප්‍රධානියාව ඉවත් කර එම අංශය විසුරුවා තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය රජය විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතට පටහැනිව විමර්ශන අංශයට ප්‍රධානියෙකු පත්කර ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මෙලෙස එම අංශය විසුරුවා ඇති බවය.

අදාළ පත්වීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියකින් තොරව බව සඳහන්ය.

එම පත්කිරිම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වර්තමාන සභාපතිවරයා විසින් කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එවැනි පත්කිරිමක් සඳහා අනුමැතියක් ලබා දි නොමැති බවය.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පත් කර සිටි මාධ්‍ය නිලධාරියා ද වර්තමාන සභාපතිවරයා විසින් ඉවත් කර තිබේ.

පසුගිය රාජ්‍ය සමයේ හිටපු වෙළෙඳ අමාත්‍යවරයා විසින් මෙලෙස අත්තනෝමතික ලෙස පත් කර ඇති බවට අනිවරණය වී ඇත.

එම පත්කිරීම් සම්බන්ධයෙන් වර්තමාන සභාපතිවරයා විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *