අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේදී පැය 08ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයීම අත්හිටුවන බවය.

ඒ අනුව සාලියපුර, රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය, යාපනය හන්දිය, අනුරාධපුර 1 වන පියවර, මාතලේ හන්දිය, ගල්කුලම යන ප්‍රදේශ සඳහා හෙට පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *