Headlines

    FR පෙත්සමක වගඋත්තරකරුවෙක් ලෙස රනිල් ව නම් කිරීමට අධිකරණයෙන් අවසර

    ඉකුත් පාලන සමයේ පුරප්පාඩුව පැවති අභියාචනාධිකරණ විනිසුරුධූර සඳහා විනිසුරුවරු පත්නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අවසර දී තිබේ.

    ජනාධිපති නීතිඥ සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. 

    පෙත්සම අද (27) ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    මෙහිදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම්කරමින් මෝසමක් ගොනුකර තිබෙන බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

    ඒ අනුව විරෝධතා තිබේ නම් සති හතරක් තුළ ගොනුකරන ලෙස වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට කල් ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම  විභාගය සඳහා මාර්තු මස 10 වනදා කැඳවන ලෙස නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

    ඉකුත් පාලන සමයේ අභියාචනාධිකරණයේ විනිසුරුධුර පහක් පුරප්පාඩුවක් පැවතිය දී ඊට විනිසුරුවරු පත්නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති නීතීඥ සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *