බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවකදී එම තීරණය ගත් බවයි.
ඒ අනුව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව සංචාරකයින් කටයුතු කළ යුතු අතර සංචාරකයින් දිවයිනට පැමිණිමෙන් පසු දින 14 ක් නිරෝධායනය වී පී. සී. ආර්. පරීක්ෂණයක් ද කළ යුතු බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ ඊයේ (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්ට ජනාධිපතිතුමා පවසා සිටියේ පවතින කොවිඩ් – 19 හමුවේ මහජන ආරක්ෂාවට පනවා ඇති සෞඛ්‍ය සීමා හැර සංචාරකයන් සඳහා සියලු පහසුකම් සැලසීමට රජය කටයුතු කර ඇති බවයි. සංචාරක ව්‍යාපාරය මෙරට ජාතික ආර්ථිකයේ ප්‍රධාන ඉලක්කයක් බැවින් අභියෝග ජය ගනිමින් ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් විය යුතු බවයි.

මෙහි දී කොවිඩ් සමයේ පැමිණි සංචාරකයන් අතුරින් ආසාදිත සංචාරකයන්ගේ ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 1% කට අඩු බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණ. කොවිඩ් මර්ධන ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවීමේ වාසිය සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට යොදාගත හැකි බවත්, මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදයේ දී සෞඛ්‍ය අංශවල නිර්දේශ සැලකිල්ලට ගනිමින් සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට එහි නියැලෙන්නන් කටයුතු කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළ ඇත.
ඒ අනුව කොවිඩ් මර්ධන එන්නත ලබාදීමේ දී හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන් හා රියැදුරන් වැනි කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛතාවය දැක්වීම කෙරෙහි ද එහි දී සාකච්ඡා කර ඇති බව සඳහන් වේ. එහි දී සංචාරකයන් ආසාදිතයන් නොවන අවස්ථාවල පහසුකම් සපයන්නන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව යෝජනා කෙරිණ.
තව ද ආසාදිත සංචාරකයන් ලංකා හොස්පිටල් (පුද්) වෙත සහ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොග්ගල පවත්වාගෙන යන රෝහල වෙත යොමු කිරීමට ද තීරණය විය. අනුමත කරගත් සංචාරක සැලැස්ම අනුව සංචාරකයන් මෙහෙයවීම පිළිබඳ දැඩි අවධානය යොමුකරන ලෙස ජනාධිපතිතුමා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දී ඇත.