Headlines

    ඇමති විජිත කොළඹ මහාධිකරණයට එයි

    අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය.

    පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයි ප්‍රවර්ධන කටයුතු පෞද්ගලික සමාගම් කිහිපයකට පැවරීම තුළින් රජයට පාඩුවක් සිදුකළා යැයි චෝදනා කරමින් එහි හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව ඉකුත් යහ පාලන රජය සමයේ අල්ලස් විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

    මෙම නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍ය විජිත හේරත් මහතාට අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණි.

    එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා සාක්ෂි විභාගය පෙබරවාරි මස 05 වන දා දක්වා කල්දැමීය.

    එදින අමාත්‍ය විජිත හේරත් මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *