Headlines

    සම්ප්‍රදායික පක්ෂ විනාශ වෙද්දි නැගී ආ එකම පක්ෂය සර්වජන බලය – දිලිත්

    සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ විනාෂයට ලක්වෙද්දී මෙරට ඉතිරිව ඇති  නැගීඑන එකම දේශපාලන ව්‍යාපාරය සර්වජන බලය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

    සර්වජන බලයේ සංවිධායක සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

    “මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව වැඩිම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ සර්වජන බලය. අඩුම ප්‍රතිශතයකින් ඉදිරියට ගිහිල්ලා තියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පොදුජන පෙරමුණ සියලු ශක්තිය ඔවුන් යොදවලා තිබුණා. පොහොට්ටුව නිර්මාණය වුණේ බැසිල් රාජපක්ෂ දේශපාලනයේ සිටීම සඳහා ඡන්ද මෝල කරකවන්න අවශ්‍ය පුද්ගලයින් එකතු කරගන්න. පොහොට්ටුවට දර්ශනයක් තිබුණේ නැහැ. ඒ අමෙරිකානු පුරවැසියා රට දාලා ගිය පසු දැන් මෝල කැරකෙන්නෙත් නැහැ.” 

    “සම්ප්‍රධායික් හා විද්‍යාත්මක නිර්වචනය තුළ එක හෝ දේශපාලන පක්ෂයක් ඉතුරවෙලා තියෙනවානම් ඒ තමයි සර්වජන බලය. සාම්ප්‍රධායිකව තිබුණු එක්සත් ජාතික පක්ෂය දැන් නැහැ. ඒක ගෑස් සිලින්ඩරය වෙලා තියෙනවා. ඒකේ ගොඩක් අය මහන්සිවෙලා රවී කරුණානායක මහතා පාර්ලිමේන්තු යවලා තියෙනවා. පොහොට්ටුව කැඩිලා ගිහිල්ලා පිරිසක් ගෑස් එකේ, පිරිසක් ගෑස් නැතුව. ජනතා විමුක්ති පෙරමුණ සාර්ථකව විනාශකරලා තියෙනවා බලය ලබාදීලා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සිහිනයක් තමයි අද අනුර කුමාර ඔහුගේ මිතුරා ඉටුකරන්නේ. දීර්ඝ කාලීනව විනයක් සහිතව පවත්වාගෙන ආ දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරයේ ජීවය දූෂණයට ලක්වෙලා තියෙනවා ඔවුන්ම සඳහන් කළ වලව් දේශපාලන හරහා.”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *