ලෝක ඒඩ්ස් රෝග මර්දන දිනය අදට (01) යෙදී තිබේ.
සමස්ත ලෝකය හා සැසඳීමේදී ශ්‍රී ලංකාව සැලකෙන්නේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩු රටක් ලෙසයි.
කෙසේවෙතත් පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මෙරට ඒඩ්ස් රෝග ව්‍යාප්තියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරිපේලි මහත්මිය පැවසුවේ පසුගිය 2020-21 වසරට සාපේක්ෂව 2022-23 වසරවලදී ඒඩ්ස් වෛරසය ආසාදය වී ඇති බවය.
“ඒඩ්ස් රෝගය ආසනය වීම 2020-2021 වසරවලදී වාර්තා වුණේ 200 – 300ත් අතර ප්‍රමාණයක්. නමුත් 2022-2023 වසරවල එම තත්ත්වය දෙගුණක් වෙලා තියෙනවා. පිරිමින් අතර ඒඩ්ස් රෝගයේ නව ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයේ විශාල වැඩිවීමක් පසුගිය වසර 10 තුළ දකින්න ලැබෙනවා. එම රෝගීන්ගෙන් 15%ක්ම වයස අවුරුදු 15- 24ත් අතර යෞවන යෞවනියන්.”
මේ අතර ලෝක ඒඩ්ස් මර්දන දිනයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සංවිධාන කරනු ලැබූ පා ගමනක් අද ගොල්ෆේස් පිටියෙන් ආරම්භ වී සෞඛ්‍ය අමාත්‍යංශය දක්වා ගමන් කෙරිණි.
එම වැඩසටහනට එක් වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ මෙරටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීම සඳහා සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැගීම සිය රජයේ වගකීම බවය.