Headlines

    උඩරට දුම්රිය ගමන යථාතත්ත්වයට

    හාලිඇළ හා උඩුවර අතර දුම්රිය මාර්ගය නැවත දුම්රිය ගමනාගමනයට විවෘත කර ඇත.

    දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල – කොළඹ දුම්රිය මාර්ගයේ අංක 175/50 සැතපුම් කණුව ආසන්නයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය නතර කර තිබූණි.

    මේ වන විට එම මාර්ගය දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් යථාතත්ත්වයට පත් කර තිබේ.

    එබැවින් අද (02) දින සිට නැවත දුම්රිය ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව දැනුම් දී ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *