Headlines

    මෙරට කොරෝනා ව්‍යප්තියේ නවතම තොරතුරු (2021-Feb-19) – වයස අවුරුදු 20 කාන්තාවකුත් මියයි (ඊයේ ආසාදිතයින් 514 යි මරණ 08 යි)

    අද දින (19) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 514 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 13 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 501 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (18) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 105 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 68 ක් ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 68 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 260 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.

    පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් ‍කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇති අතර මෙම පුද්ගලයින් අතර 20 හැවිරිදි තරුණියක් ද සිටින අතර සෙසු පුද්ගලයින් වයස අවුරුදු 67, 58, 43, 52, 86, 74 සහ 81 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව වාර්තා වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (18) දිනය තුළ මෙරටදී සිදුකර ඇති PCR පරීක්‍ෂණ 15,386 කි.

    කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 78,420
    පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 71,823
    දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 6,167
    දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 430

    https://www.hpb.health.gov.lk/si (Accessed feb-19-2021 09.30 a.m IST)

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *