Headlines

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

    ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කළේය.

    ශ්‍රී ලංකා පාපැදී සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. 

    මෙම පෙත්සම අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, විරෝධතා ගොනුකිරීම සඳහා තමන්ට තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

    ඒ අනුව නඩුව යළි මේ මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා අධිකරණය එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසට පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවය. 

    එබැවින් ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *