Headlines

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.

    අද (07) පස්වරු 2ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (08) පස්වරු 2ක දක්වා වලංගු වෙයි.

    ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (07) පෙරවරු 08.30ට පමණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇත. 

    එය ඉදිරි පැය 24දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමට ඉඩ තිබේ.

    එය දෙසැම්බර් 11 වනදා පමණ වනවිට ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළඟාවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 60) සමග තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද දැනුම්දෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *