ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේ.
ශ්රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වා ගෙනයමින් සිටියදී, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සියළු ගුවන් ගමන් අක්රීය වීමත් සමඟ ශ්රී ලංකාවට ගුවන් ගමන් තාවකාලිකව අත්හිට වූ සලාම් ගුවන් සේවය සහ තායි එයාඒෂියා ගුවන් සේවය නැවතත් අද සිට තම ගුවන් ගමන් ශ්රී ලංකාවට සිදු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පළමු ගුවන්යානය ලෙස ඕමානයේ මස්කට් නුවර සිට සලාම් ගුවන් සේවයේ ගුවන් යානයක් මගීන් 75 දෙනෙකු රැගෙන කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ පසුව තායිලන්තයේ බැංකොක් නුවර සිට අනෙක් ගුවන්යානය පැමිණ තිබෙන බව වාර්තා වේ.