Headlines

    එජාප හිටපු නාගරික මන්ත්‍රීට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    මරදාන අලෙවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) නියෝග කළේය.

    එම ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනුකළ පෙත්සමක් අද කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ මෙම පෙත්සමක් කැඳවනු ලැබීය. 

    මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ, මෙම කරුණට අදාළව අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක්ද තමන් විසින් ගොනුකර තිබෙන බවය. 

    කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ, අදාළ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තම සේවා දායකයා අවශ්‍ය පියවර ගෙන තිබෙන බවය. 

    මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයකට පත් කර ගැනීම සුදුසු බවය. 

    ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය අප්‍රේල් මස 01 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළේය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *