ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (20) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ අනුව කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් කොටිකාවත්ත, මුල්ලේරියාව හා රත්මලාන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබයි.
මේ අතර හෙට දින (21) පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා පැය 10කට අධික කාලයක් කළුතර ,වාද්දුව ඇතුළු ඒ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද නාගොඩ, බෙන්තොට, බෝම්බුවල පිලමිනාවත්ත, පයාගල, මග්ගොන, බේරුවල, අලුත්ගම දර්ගා නගරය සහ කළුවාමෝදර / මොරගොල්ල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසීය.