Headlines

    සියයට 18 වැට් බද්ද හේතුවෙන් පොත් කර්මාන්තය අර්බුදයක

    පොත් ප්‍රකාශනය සඳහා පනවා ඇති සියයට 18ක වැට් බද්ද කඩිනමින් ඉවත් කිරීම සඳහා ආණුඩුව පියවර ගතයුතු බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව ඉදිරි අයවැය සඳහා යොමු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බවය.

    “රජයට සති ගණනයි. අපි මේ යන්නේ මේ වෙලාවේ ඉල්ලීම් දිනාගන්න නෙමෙයි. බොහොම පැහැදිලිවම ජනාධිපති තුමා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇවිත් කිව්වා අපි ඊළඟ අයවැයෙන් මේ ගැන කතා කරමු කියලා. ඊළඟ අයවැයට කල් තියෙනවා. ඉතින් අපිත් කල්තියාම කියනවා. වැට් බදු ගෙවන්න ඕනේ වාර්ෂිකව මිලියන 60කට වඩා පිරිවැටුපක් තියෙන අය. ඒ අය තමා ඒකට සුදුසුකම් ලබන්නේ. එහෙම අය පොත් ප්‍රකාශන හා මුද්‍රිත කේෂ්ත්‍රයේ ඉන්නේ සුළු ප්‍රමාණයක්. ඒ අයට ක්ලේම් කරන්න බෑ. අපිට ක්ලේම් කරන්න බැරි වුණාට ඔක්කෝම ගෙවලා තියෙන්නේ. “

    දිනේෂ් කුලතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ වැට් බදු හේතුවෙන් මිල ඉහළ යාම නිසා පොත් අලෙවිය සියයට 30කින් පහත වැටී ඇති බවය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *