Headlines

    ජලාශ පිරී ඇති අවස්ථාවක පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා

    ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය උපරිම මට්ටමින් පවතින අවස්ථාවක පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමක් සිදුව ඇති බව ලංකා විදුලි බලමණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසයි.

    එම සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ, මෙවැනි කටයුතු සිදුවන්නේ කාගේ අවශ්‍යතාව මතද යන්න සොයා බැලීමක් කලයුතු බවය.

    “පසුගිය කාලයේ අපිට හොඳටම වර්ෂාව ලැබුණා. අපේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශ සම්පූර්ණයෙන් පිරී ඉතිරිලා යන්න තරම් වර්ෂාවක් ලැබුණා. ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ මේ වනවිට ගල් අඟුරු ඇති තරම් ගෙනල්ලා ගල් අඟුරු ස්ටොක් එකක් තියෙනවා. නමුත් පහුගිය සතියේ විදුලිබල මණ්ඩලයේ දත්තවල තියෙනවා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුනෙන් දෙකක් තමා ක්‍රියාත්මක වෙන්නේ. ඒ යන්ත්‍රවලිනුත් එකක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොකර අඩු ධාරිතාවයෙන් තමා ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලට ගැනීමක් කරලා තියෙනවා. මේ වෙද්දි ජල විදුලි බලාගාරත් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ හැකි පසුබිමක් තිබිය දී නොරොච්චෝලේ උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක් තුළ කාගේ උවමනාවකට ද මේ තෙල් බලාගාරවලින් විදුලිය මිලට ගත්තේ ?”

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *