පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව 2021 පෙබරවාරි 23-24 දිනවල දී ඒ මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය සිදු කිරීමට බලාපොරොත්තු වේ. එහි දී අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික රැස්වීම්වලට සහභාගී වන අතර, ව්‍යාපාර හා ආයෝජන සංසදයක් මෙන්ම ක්‍රීඩා රාජ්‍යතාන්ත්‍රික කටයුත්තක් ඇතුළු තවත් ඉහළ මට්ටමේ කටයුතු ද සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
තව ද මේ වසරේ සිය රටෙන් බැහැර නිරත වන මංගල නිල සංචාරයේ දී පාකිස්තානයේ ප්‍රධාන වශයෙන් රෙදිපිළි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද ඒ මහතා සමඟ එක්වෙන බව සඳහන් වේ.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව පෙබරවාරි 23 වැනි දින ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරු එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමේ ද සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.