Headlines

    ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවට උසස්වීමක්

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනයේ නවතම වාර්තාව අනාවරණ කර තිබේ.

    ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, ඒ අනුව ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම දක්වා ශක්තිමත් වී ඇති බවය.

    ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණු ආර්ථික කඩාවැටීම හමුවේ ඉකුත් 2022 වසරේ අප්‍රේල් මාසයේ සිට විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට පැවති රජය තීරණය කළේය.

    ඒ අනුව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතන කිහිපයක්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොළොත්බව ප්‍රකාශ කරමින් අවස්ථා කිහිපයකදීම ණය ගෙවීමේ හැකියාව පහත හෙළීය.

    මෙම තත්ත්වයෙන් මිදීමට මෙරට රජය ජාත්‍යන්තර මූලය අරමුදල සමඟ විස්තීර්ණ ණය වැඩසටහන සඳහා අවතීර්ණ වූයේ ඉන් අනතුරුවය.

    ඒ අනුව මෙරට දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කෙරුණු අතර පසුගිය සතියේ ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

    මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කිරීම මත පදනම්ව අමෙරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධාන ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය සිය නවතම ශ්‍රේණිගත කිරීම නිකුත් කර තිබේ. 

    ඒ අනුව ශ්‍රි ලංකාවේ දිගුකාලීන විදෙස් විනිමය නිකුතුව ශ්‍රේණිගත කිරීම RD මට්ටම, එනම් ණය පැහැරහරින ලද රාජ්‍යයක් යන මට්ටමේ සිට, CCC PLUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවධානම් තත්ත්වය අඩු මට්ටම දක්වා පැමිණ තිබේ. 

    එමෙන්ම දේශීය විනිමය නිකුතු ණය ශ්‍රේණියද ඉහළ දමා ඇත්තේ CCC MINUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවධානම් තත්ත්වය වැඩි මට්ටමේ සිට CCC PLUS මට්ටම, එනම් ණය පැහැර හැරීමේ අවධානම් තත්ත්වය අඩු මට්ටම දක්වා යි. 

    ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මගින් සාර්ව ආර්ථික දර්ශකය සහ මුදල් පැහැරහැරීමේ අවදානම අඩුවීම මෙමගින් පිළිඹිබු වන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *