අද දින (21) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 543 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 15 විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් වන ඉතිරි ආසාදිතයින් 528 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (20) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 180 ක් ලෙස දැක්වේ. ගම්පහ දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 116 ක් ද රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 39 ක් බැගින් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 260 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 02 ක් වාර්තා වී ඇති අතර ඔවුන් කුරුවිට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක් තිහාරිය ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගයෙක් වේ . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 79480
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 74,299
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 4,746
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 435
https://www.hpb.health.gov.lk/si (Accessed feb-21-2021 11.30 a.m IST)