අද දින (22) උදෑසන වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 519 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයෙක් වන ඉතිරි ආසාදිතයින් 518 දෙනා දේශීයව හදුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඊයේ (21) හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන 122 ක් ලෙස දැක්වේ. මහනුවර දිස්ත්‍රිකයෙන් ආසාදිතයන් 85 ක් ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් වාර්තා වන අතර අනෙක් ආසාදිතයන් 247 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත වීමෙන් පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ කොළොන්නාව, වැල්ලවත්ත, කළුතර, වස්කඩුව, බිබිළ, ගුරුතලාව, පිටකෝට්ටේ, කුඩා ගල්ගමුව, රත්මලාන සහ හැටන් ප්‍රදේශවල පුද්ගලයින් 10 දෙනෙක් එසේ මියගොස් තිබේ. එහි දී ආසාදිතයින් දෙදෙනෙක් නිවෙස්වල ම මියගොස් ඇති අතර තවත් අයෙක් රෝහල්ගත කරන විට මියගොස් ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහල ගොස් ඇත. ඊයේ (21) දිනය තුල මෙරට PCR පරීක්ෂණ 12,936 ක් සිදුකර ඇත.
කොවිඩ-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව – 79,734
පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව – 74,299
දැනට රෝහල් වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව – 5,000
දැනට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව – 445
https://www.hpb.health.gov.lk/si (Accessed feb-11-2021 10.15 a.m IST)