Headlines

    අසිරිමත් නත්තල උදා වෙයි

    කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා විය.

    කෙසේ වෙතත් ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ උපන් බෙත්ලෙහෙම් නගරයේ මෙවරත් තන්තල් සැමරීමක් සිදුනොවෙයි.

    බෙත්ලෙහෙම් නගරාධිපතිවරයා පවසන්නේ පලස්තීන වැසියන්ට එරෙහිව සිදුවන අයුක්තියට විරෝධය පළකරමින් මෙලෙස සැමරුම් අත්හිටුවා ඇති බවය.

    තත්තල් සමයේදී සාමාන්‍යයෙන් සංචාරකයන්ගෙන් පිරීයන යුනෙස්කෝ ලෝක උරුමයක් වන බෙත්ලෙහෙම නගරය හුදකලා වූයේ 2023 එක්තෝම්බර් 7 වනදා සිදුවූ හමාස් ප්‍රහාරයෙන් පසුවයි.

    නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වෙනවා.

    නත්තල උදාවු ඊයේ මධ්‍යම රාත්‍රීයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් මෙන්ම මෙරට කිතුණු දෙව්මැදුරුවලද දේව මෙහෙයන් පැවැත්විය.

    මෙවර මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11:40 සිට ජා ඇළ වික්ෂෝප දේව මාතා දේවස්ථානයේදී පැවැත්විය.

    සිය නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ ආත්මාර්තකාමීත්වයෙන් බැහැරව අධ්‍යාත්මික මංගල්‍යක් ලෙස සලකා මෙවර නත්තල සැමරීමට සියලු දෙනා වගබලා ගත යුතු බවය.

    තම නිවස තුළ ගව ලෙනක ඇති සාමකාමී පරිසරය ඇති කර ගැනීමට සියලුදෙනා මෙම නත්තලේදී අදිටන් කරගත යුතු බව කොළඹ සහයක රදගුරු අතිඋතුම් ජේ.ඩී  ඇන්තනි රදගුරු හිමිපාණන් පවසයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *