Headlines

    ර‍ට ගොඩනැගීම උදෙසා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් – අනුරාධපුර පලුගස්වැව – ගල්කඩවල මාර්ගය රු.මි 107ක් වියදම්කොට කාපට් යොදා නවීකරණය කෙරේ.

    අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (22) පැවති රැස්වීමේ දී ඒ මහතා කියා සිටියේ අන් කවරදාටත් වඩා ග්‍රාමීය හා ජාතික මට්ට‍මේ සංවර්ධන ව්‍යාපෘති රැසක් පසුගිය මාස කිහිපය තුළ රට පුරා ආරම්භ කෙරුණු බවත්, එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව කිසිඳු දැනුවත් වීමක් ලබා නොමැති යැයිද, එහෙත් ඇතැම් ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය යැයිද ඒ මහතා කියා සිටියේ ය.

    කෙසේ වෙතත් අතිගරු ජනාධිපතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික වැඩසටහනට සමගාමීව සහසම්බන්ධිත නවීන මාර්ග පද්ධතියක් රට තුළ ස්ථාපනය කිරීම නව රජයේ ප්‍රධානතම අරමුණ වී ඇති අතර මෙම අරමුණ පෙරදැරි කරගෙන අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රධාන හා ප්‍රාදේශිය මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ හා නවීකරණය කිරීමේ පළමු අදියරේ ව්‍යාපෘතිය පසුගිය නොවැම්බර් මාසයේ දී ආරම්භ විය.

    ඒ අනුව පලුගස්වැව – ගල්කඩවල මාර්ගය කාපට් යොදා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම, ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය වැ/බ සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් සිදු වුණි. මෙම මර්ගය සඳහා රු. මි 107ක් වියදම් කොට කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිත අතර මෙමගින් පවුල් 1500 කට වඩා වැඩි ප්‍රමාණයකට පහසුකම් සැලසෙනු ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *