කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, හෙට (26) දින පෙරවරු 09 සිට අනිද්දා (27) අලුයම 03 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.
ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙම ජල සැපයුම අත්හිටුවනු බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.