Headlines

    ඇදවැටුණු මිනිසුන් යළි නගා සිටුවන මිදුම

    මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානයේ මෙරට තරුණ පරපුර විනාශය දක්වා රැගෙන යන ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත්වී තිබේ.

    එවැනි වූ වටපිටාවක මත්ද්‍රව්‍ය භාවිතයෙන් නොමඟ ගිය තරුණ ප්‍රජාව යළි සුමඟට ගෙනඑන “දයාවේ සෙවනක්” අද දෙරණ අපට හමුවිය.

    මෙවර ‘අද දෙරණ’ නත්තල් චාරිකාව, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන “මිදුම” ආයතනය පිළිබඳවය. 

    කොළඹ අගරදගුරු පදවියට අයත් දයාවේ සේවා ආයතනයක් වන “මිදුම” ජීවන ගමනේ ඇඳවැටුණු මිනිසුන් යළි නගාසිටුවීමේ අරමුණින් පිහිටවූ ආයතනයකි. 

    මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සහ ඒ හා සම්බන්ධ විෂමාචාරි ක්‍රියාවන්ගේ නිරත වූවන්ට සුවය සැනසීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ආයතනයෙන් දැනටමත් දහස් ගණනක තරුණ ජීවිත ආලෝකමත් කරන්නට සමත්වී තිබේ. 

    පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු කරන අවස්ථාවේ නිසි සිහිබුද්ධිය පවා නොමැතිව සිටි මිනිසුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ මාස කිහිපයක් ගත කිරීමේදී තමන්ගේ ජීවිතයම වෙනස් කර ගන්නේ මිදුම තුළ ඇති ” ආදරයට සහ මනුෂ්‍යත්වයට ” මුල් තැන හිමිවූ පුනරුත්ථාපන වැඩපිළිවෙළ නිසාමය.

    ජීවිතයේ එක්තරා අවස්ථාවක තමන්ට ජීවිතය වැරදුනත්, මොවුන් ක්‍රමයෙන් එම වරද නිවැරදි කරගැනීමට පෙළගැසෙමින් සිටියි.

    එලෙස වැරදි නිවැරදි කරගැනීමට යන්නාවු මාර්ගයේ නත්තල යනු ඔවුන්ට සෑබෑ ජීවිත වෙනසකට ආරාධනයක් ලැබෙන්නාවු සුදුසුම කාලයකි.

    එලෙස සැබෑ සිත් හැරීමකට යොමු වී සිටින මිදුමේ සහෘද හදවත් ද නත්තලේ ජේසු බිළිඳු උපන් සතුට අද සමරයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *