පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී අනතුරක් සිදුව තිබේ.
කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
කෙසේ නමුත් දකුණු කොරියානු බලධාරීන් සැක පළකර ඇත්තේ බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු හැර අන් සියල්ලම මියගොස් ඇති බවය.
යානය ගොඩ බස්වන අවස්ථාවේදී එය තුළ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සමගින් පුද්ගලයින් 181ක් දෙනෙකු හිඳ තිබේ.
යානය මුලින් ගොඩබෑමට උත්සාහා කර ඇති නමුත් එය අසාර්ථක වී තිබේ.
පසුව නැවත ගොඩබෑමට උත්සාහ කිරීමේදි ධාවන පථයෙන් ඉවතට ගොස් ධාවන පඨයේ කෙළවරේ තිබූ තාප්පයක ගැටී ගිනි ගෙන තිබේ.