ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ එක්ව ඊයේ (23) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තබන ලදී.
ඒ අනුව ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් වන්නේ,
1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තාන ඉස්ලාමීය ජනරජය හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම
2. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
3. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
4. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව
5. කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
යන ගිවිසුම් වේ. ඒ අනුව දෙරටේ සහයෝගීතාව ශක්තිමත් කීරීම උදෙසා මෙම ගිවිසුම් වලට එළඹ ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.