අළුතින් නිකුත් කරන ලද රුපියල් 20 නව කාසියක් මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
ශ්රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කරනු ලබන මෙම කාසි මිලියන 05ක් ලබන මාර්තුවේ සිට මුදල් සංසරණයට නිකුත් කරනු ලබන අතර කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් අද (24) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත මෙම “සමරු සංසරණ” පිළිගන්වනු ලැබීය.