Headlines

    ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවෙයි

    ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම දැනුම්දෙයි.

    මේ අනුව 2025 ජනවාරි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වෙයි.

    ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වෙයි. 

    12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *