Headlines

    එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වැසෙයි

    පවතින අධික හිමපතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන්තොටුපොළ රැසක් තාවකාලිකව වසාදමා තිබේ.

    මෙලෙස තාවකාලිකව වසා දැමූ ගුවන්තොටුපොළ අතරට මැන්චෙස්ටර්, ලිවර්පූල් සහ බර්මින්හැම් ගුවන්තොටුපොළ අයත්ය.

    එරට පළාත් රැසකට මේ දිනවල අධික හිමපතනය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, රටපුරා ස්ථාන රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 11ක මට්ටමේ පවතින බව වාර්තා වෙයි.

    මේ අතර එක්සත් රාජධානියට අයත් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය යන රටවලට ඇම්බර් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ගමනාගමන සීමා සහ විදුලිය බිඳවැටීම් ද බලපවත්වා තිබේ.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *