Headlines

    අදානි ව්‍යාපෘතිය ගැන යෝජනාවක් හෙට කැබිනෙට්ටුවට

    අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අදාළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    බලශක්ති අමාත්‍යශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ එළැඹෙන හෙට (06) රැස්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවය.

    මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කරන විදුලි ඒකකයක් සඳහා පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඩොලර් ශත 8.26කට ආසන්න මුදලක්  ගෙවීමට එකඟවී තිබුණි.

    අදාළ එකඟතාවය යළි සලකා බැලීම සඳහා මෙම කමිටුව පත්කරන බව වාර්තා වෙයි.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *