Headlines

    අතරමග නතර වුණ දේවාලේ දේව කාර්යය

    සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ රාජකාරි මණ්ඩලයෙන් විරෝධයක් එල්ල විය.

    ඔවුන් පවසන්නේ සම්ප්‍රදායට එරෙහිව, දේශපාලන වුවමනාව මත එම පත්කිරීම සිදුකර ඇති බවටය.

    හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් එස්.වී. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි.

    එම පත්කිරීම සම්ප්‍රදායට එරෙහි බවටත් , එම පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු බවටත් චෝදනා කරමින් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරී මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද ඉවත් විය.

    අනතුරුව ඔවුන් සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට පැමිණ නිහඬ විරෝධතාවක නිරත විය.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *