Headlines

    අස්වැන්නට හානි කරන පණු උවදුරක්

    පසුගිය සමයේ ස්වභාවික ආපදා ඇතුළු අර්බුද රැසකින් පීඩාවට පත්ව සිටි වී ගොවීන්ට අද වනවිට තවත් උවදුරකට මුහුණ දීමට සිදුව තිබේ.

    ඒ, ප්‍රදේශ රැසක වී වගාවට හඳුනානොගත් පණුවන් විශේෂයකින් හානි වීම හේතුවෙනි.

    අනුරාධපුරය දිස්ත්‍රික්කයේ, අනුරාධපුරය, ඔයාමඩුව, විලච්චිය වැනි ප්‍රදේශවල කඹුරුවලට මෙම පණු උවදුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත.

    ගොවීන් පෙන්වා දෙන්නේ, විවිධ කෘමිනාශක භාවිත කළද පණු උවදුර මර්දනය කළ නොහැකි බවය.

    එමෙන්ම ගොවීන් පවසන්නේ පණු උවදුර හේතුවෙන් සිය අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ යාමේ අවදානමක් ඇති බවය.

    මෙම පණු උවදුර මැඩපැවැත්වීමට වගකිවයුතු අංශ කඩිනමින් ක්‍රියාත්මක නොවුණහොත් එය සෙසු ප්‍රදේශවලටද ව්‍යාප්ත විය හැකියාවක් පවතී.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *