Headlines

    උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්

    රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ.

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී මෙම හමුව පැවැත්වුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේය.

    විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු, ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී  අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව ඇත.

    මෙම සාකච්ඡාව සඳහා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *